Monday, October 27, 2014

ගාල්ල - ලන්දේසීන්ගේ දෙල් ගස


ලන්දේසීන්ගේ දෙල් ගස 




රට දෙල් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ආහාරයක්. කිරට මිරිසට උයා, තම්බා හෝ බැද කෑමට ගන්නා රට දෙල් ගසට ඒ නම ලැබී ඇත්තේ එය විදෙස් රටකින් ගෙන්වා මෙරටට `දුන්වා දීම හේතුවෙනි.
බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ ලන්දේසීන් විසින් ප‍්‍රථම වරට රට දෙල් ගස ශී‍්‍ර ලංකාවට ගෙනවිත් සිටුවන ලද බවයි. උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සිසස් ලෙස හදුන්වන රට දෙල් ගස ඉංගී‍්‍රසි බසින් හදුන්වන්නේ බ්‍රෙඞ් ෆෲට් හෙවත් පාන් පළතුර ලෙසිනි.
 
දෙල් ගස ශී‍්‍ර ලාංකිකයෝ පළතුරක් ලෙස හ`දුන්වන්නේ නැත. එය අපට ආහාරයක් පමණි. කෙසේ වෙතත් ජනවහරේ පැවසෙන්නේ ශී‍්‍ර ලාංකිකයන්ගේ එඩිතර වීර කි‍්‍රයාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට `දුන්වා දී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේක්ෂාවෙන් දෙල් ගස මෙරට රෝපණය කළ බවයි.
 
ඒ පිළිබ`ද මෙතෙක් පැහැදිලි සාක්ෂි හමුවී නැතත් බොහෝ දෙනකුගේ මතය වන්නේ ලන්දේසීන් මෙරටට ගෙන ආ ප‍්‍රථම දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කරන ලද බවයි. ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඉතා පැරණියැයි සිතිය හැකි විශාල දෙල් ගසක් පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල අතීතයේ වරාය භාර නිලධාරී වරයාගේ (හාබර් මාස්ටර්) නිල නිවස ලෙස යොදා ගැණිනි. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙහි ඇති විශාල දෙල් ගස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රෝපණය කරන ලද දෙල් ගස බවයි.


 
උෂ්ණාධික බල මාළු කෑමේ දී පොල් මිශ‍්‍ර කැර ගැනීමට පුරුදුව සිටි සිංහලයන් දෙල් කෑමටත් පොල් යොදා ගැනීමෙන් දෙල්වල ඇති උෂ්ණයෙන් වැඩි බලපෑමක් නොවූ බවත් ඉන් වැඩි ශක්තියක් ලැබූ බවත් පැවසේ. කෙසේ වෙතත් ඉංගී‍්‍රසි බසින්  දෙල් ගසට බ්‍රෙඞ් ෆෲට් යැයි කීමෙන් පෙනී යන්නේ යුරෝපීයයෝ ද දෙල් ආහාරයට ගන්නට ඇති බවයි. ඔවුන් පොල් හෝ පොල් කිරි යොදා ආහාර පිසින්නේ නැත. එසේ නම් දෙල් කෑමෙන් සිංහලයන් දුර්වල කිරීමට උපායක් ලෙස රට දෙල් ගස මෙරටට `දුන්වා දුන්නා යැයි යන්න සැකයට බ`දුන්වන දෙයකි.
 
රට දෙල් ගස ලන්දේසීන් විසින් මෙරටට හ`දුන්වාදුන් බවට සාක්ෂි ඇතත් ගාල්ල කොටුවේ දැනට ඇති දෙල් ගස වැනි ම වූ තවත් දෙල් ගස් පේලියක් පැරණි රෝහල් ගොඩනැගිල්ලට පිටුපසින් දක්නට ලැබෙයි. කොටුවේ පැරණි පාලන වාර්තා අනුව රෝහල පිටුපස තිබූ උද්‍යානයේ සෙවණ ස`දහා දෙල් ගස් පේළියක් සිටුවා ඇත.
ගාල්ල කොටුවේ පිහිටි දෙල් ගස් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඞ්රික් නෝර්ත් තැබූ වාර්තාවක් ද දක්නට ඇත. එහි ස`දහන්ව ඇත්තේ ඔහු 1801 වර්ෂයේ සංචාරයක් ස`දහා ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ පිහිටි  ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැුසක් දුටු බවයි. එහෙත් ඔහුගේ වාර්තාවේ පැරණිම දෙල් ගස සම්බන්ධයෙන් කිසිදු ස`දහනක් නැත.
 
මේ දෙල් ගස ගැන තවත් ජනප‍්‍රවාදයක් වෙයි.
 
ඉන් කියවෙන්නේ වැලිතර ප‍්‍රදේශයේ ජීවත් වෙමින් යුරොපීය නැව් වලට ආරක්ෂාව සැපයූ පිනොස් ආරච්චි නමැති අයෙක් සිටි බවයි. හලාවත සිට හම්බන්තොට දක්වාම ඔහු යටතේ වූ ආරක්ෂක අංශයක් කි‍්‍රයාත්මක වූ බවත් ඔහු දැඩි ශක්තිවන්ත මිනිසකු බවත් පැවසේ  කුඩා යාත‍්‍රාවකින් ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු කුණාටුවකට හසුව දුපතකට ගසාගෙන ගියේ ලූ. මේ දුපතේ කිසිදු හව්හරණක් නැතිව සිටි ඔහුට ආහාරයට තිබුණේ රට දෙල් පමණකි. පිනොස් ආරච්චි යළි ලංකාවට පැමිණෙද්දී ඔහු රට දෙල් පැළ රැුගෙන විත් වැලිතර, මාතර හා හලාවත සිටවන ලද බව පැවසේ. ලංකාවට රටදෙල් පැමිණියේ ඒ ආකාරයෙන් බව ඇතැමුන්ගේ මතයයි.

කෙසේ වෙතත් කවරකු කවර කාලයක රට දෙල් මෙරටට ගෙන ආව ද රට දෙල් යනු මෙරට ඉතා ජනපි‍්‍රය ප‍්‍රනීත ආහාරයකි. ගාල්ලේ ඇති මෙරට පැරණිතම දෙල් ගසයැයි සැළකෙන දෙල් ගසේ ගෙඩි ඒ ප‍්‍රදේශයේ ඇති අනෙක් දෙල් ගස්වල සෑදෙන ගෙඩි වලට වඩා රසවත් බව එහි ඵලයන් ආහාරයට ගත් බොහෝ දෙනා පවසති.


No comments:

Post a Comment