Thursday, July 7, 2016

හරෝ හරා .... කුමන, යාල වන මැදින් කඳ සුරිඳුන් සොයා ගියෙමු..... පාද චාරිකාව 2016.



හරෝ හරා .... කුමන, යාල වන මැදින් කඳ සුරිඳුන් සොයා ගියෙමු.....
පාද චාරිකාව 2016.

වලාකුලින් තොර අහසින් පතිත වන්නාවූ දැඩි ගිනියමින් යුතු හිරි කිරණින් දෙපා සහ හිස  දැවෙමින් රිදුම් දෙද්දී, වග වලසුන් සිය රාජධානිය පුර සිය අනසක පතුරුවද්දී , ගිනියම් වූ වැලි තලා, වියලී ගිය වැව් කලපු සහ මඩවලවල් හරහා අප මේ ඇදී යන්නේ ස්කන්ද කුමරු ඔකඳ දෙවොල අසලින් ගොඩ බැස කතරගමට ගමන් ගත් මාර්ගය දිගේය. මේ කටුක බව දැනෙන විට දි හරෝ හරා කියමින් කද සුරිදුන් සිහි කළ පමණින් සියලු වෙහෙස නිවේ.

මේ අයුරින් අනේක දුක් කරදර විදිමින් මහා වන මැදින් උතුම් කතරගම කද සුරිදුන් පිදීම සඳහා පැවැත්වෙන ඇසළ මංගල්‍යයට පාදයාත්‍රාව මගින් පැමිණෙන බැතිමතුන් මේ අයුරින් සෑම වසරකදීම ඇසළ මාසයේ දී කතරගමට පැමිණිම සිදුකෙරෙති.

පසු ගිය (27) වැනි දින කුමණ ජාතික වන උදච්‍යානයෙන් වනයට ඇතුල් වීමට බැතිමතුන්ට වන ජිවි නිලධාරින් අවසර දීමත් සමඟ මහ වන මැදින් මේ වන විට පාද යාත්‍රා බැතිමතුන් වන්දනා ගමනින් උතුම් කද දෙවි අඩවියට පැමිණෙමින් පවති. අපද 16 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග මසක කාලයක පේ වීමකින් පසු පාද යාත්‍රාව 2016-07-01 දින ආරම්භ කළෙමු.

කණ්ඩායම වශයෙන් සැදි පේවී පැමිණෙන මෙ බැතිමතුන් මහා වන මැදින් ඓතිහාසික ඕකද දේවාලය අසළින් කුමණ ජාතික වන උද්‍යානයට පිවිස සිය ගමන් අරම්භ කරනු ලබයි.
මෙම පාද වන්දනා වේ පැමිණෙන බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍ය සමය වන විට දී මාස තුනකට පෙර සිට ඒ සඳහා පැහැදි පේවිම සිදු කරති. මස් මාංශයෙන් තොරව මළ ගෙවල්වලට නොගිහින්ද අනුන් අදින ලද ඇදුම් ඇදිීමෙන් තොරව සිටිමෙන්ද ගැහැණුන් හා පිරිමින් යන දේපළම පිරිසුදුව පේවිම මූලිකම කටයුත්තයි.

අප හාරෝ හාරා කියමින් කුමණ ජාතික වන උද්‍යානයට ඇතුල් වි කුඹුක්කන් ඹය, පොත්තන , යාල අංක 02 මැණික් ගඟ ඔස්සේ යාල අංක 01 කළාපයට පැමිණ කටගමුව ඔස්සේ කතරගම පුරවරයට දින පහකට පසුව පිවිසුනෙමු.
මෙම පාද යාත්‍රාව හා බැදුණු බොහො රසවත් කථා රැසක් පවති. වල්ලි දෙවඟන සරණ පාවා ගැනීමට පැමිණි කද කුමරුන් ඕකද මුහුදු වෙරළට රන් ඔරුවකින් පැමිණ ඒ තැන් සිට පා ගමනින් මහා වන මැදින් පැමිනෙන විට දී කද කුමරුන් පැමිණි රන් ඔරුව දැක මිනිසුන් පිරිසක් එය බෙදා ගැනීම පිණිස ගහ මරා ගැනීමට යන බව කද කුමරුන්ට දැනුනි නැවත ආපසු පැමිණ රන් ඔරුව ගල් කර ඔරුව අනිත් පැත්ත ගසා නැවත කඳ කුමරුන් කතරගම් පුරයට පැමිණි බව සදහන්වේ. එදා කද කුමරුවන් පැමිණි මාර්ගය අද බැතිමතුන් පාද යාත්‍රාව මගින් පැමිණෙන මාර්ගය බව ජනප්‍රවදයේ කියවේ.

පහතින් දැක්වෙන්නේ අපි රාත්‍රීන් ගත කරපු ස්ථාන. චාරිකාවේ රූපමය විස්තරය ඊටත් පහතින් බල රස විඳින ලෙස ඉල්ලා සිටිනවා.

අපේ ගමන් මග 

පානම ගන දෙවි කෝවිලෙන් අපි ගමනට මුලින්ම අවසර ගත්තා.....

ඔකඳ සැලූන් එකෙන් අපි කට්ටියම තට්ටේ ගාල පිරිසිදු උනා ..
ඔකඳ ගල උඩ දෙවොල
දුරකථන සිග්නල් සොයා ගන්න වෙච්ච මහන්සියක්...
කඳ සුරිඳුන් ගොඩබට ස්ථානය
ඔරු බැඳී ගල

ඔකඳ දේවාලය තුල බජන් ගයමින්....

ඔකඳ කන්ද ස්වාමි

පළමු දිනය සඳහා සූදානම්ව...




වියලී ගිය යා කල කලපුව

බාගුරේ තරණය කරමින්..

කුමන විල්ලුව අසල...

දෙවන රාත්‍රිය කුඹුක්කන් ඔය අසල

කුඹුක්කන් ඔය

කුමන කැලෙන් යාල කැලේට....

ඉහල පොතාන


පහල පොතාන

Add caption

පසුකරමින් මහා වැලිතලා

සිදී ගිය මහා වැවක් මැද දහවල අහාරය සුදානම් කරමින්..

දෙදිය තරණය කොට ළිං තුන වෙතට


තෙවන රාත්‍රිය ළිං තුන අසල

කරදිය කලපුව අසල මිරිදිය පිරි ලින් තුන

"තොලයා පෙට්ට තොලෙන්ජි පෝ...."



මැණික් ගඟට

සිව්වන රාත්‍රිය



බාදක පසු කරමින්

අපිට ගිමන් නිවන්න කොහෙත් එකයි...

මා දුටු පැහැදිලිම ජලය...

කාගේත් හිතවතා..

රතු බත් කූරා...

පස්වන රැය ගෙවමින් වරහනදී...


කටගමුවට...

කටගමුව වැව



කටගමුව


අයිස් ක්‍රීම් දන්සල

සැමට සුබ ගමන්...

කොචිපොතන

මෙයත් ආවේ අපිත් එක්ක පා ගමනේ...