Tuesday, October 28, 2014

සල්ලිතීවූ නොහොත් සල්ලි දූපත සොයා ගියෙමි....

හිරු නැගෙන පුරයේ මා දුටු සොඳුරුතම වෙරළ රාජිණි...

වාලච්ෙච්න ප්‍රදේශයෙන් තවත් උතුරු දෙසට යන විට අපට වාකරේ මාර්ගය මුණගැහෙනවා. මේ මාර්ගය දිගේ ත්‍රිකුණාමලය දක්‌වා ගමන් කරන්න පුළුවන්. කාලයක්‌ මේ මාර්ගය කජුවත්ත දක්‌වා පමණයි රජයේ පාලනයට නතුව තිබුණේ. වන්නි මෙහෙයුමට පෙර නැගෙනහිර මුදාගැනීමේ සංග්‍රාමයේදී පළමුව වාකරේ බලයත් අල්ලාගන්න ආරක්‍ෂක හමුදා කටයුතු කළ හැටි අපට මතකයි. කොහොමහරි මේ මාර්ගයේ මඳ දුරක්‌ ඉදිරියට යනකොට අපට හමුවන්නේ සුවිසල් තෙත් බිම් ප්‍රදේශයක්‌, ලවණ වගුරු, ඇළ මාර්ග සහ මිරිදිය තෙත්බිම් ප්‍රදේශයන් මෙහිදී දැකගත හැකියි. මේ ප්‍රදේශයේ ඉතා සරුවට වැඩුණු කඩොලාන පරිසරය අපට මෙම ප්‍රදේශය අගනා පරිසර පද්ධතියක්‌ බව කියනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ සින්න කායන්කර්නි යන නමින්. අද මෙහි ඇළ මාර්ගයට ඉහළින් දැවැන්ත පාලමක්‌ ඉදිවෙනවා. ඒ සින්නකායන්කර්නි පාලමයි.


සින්න කායන්කර්නි ප්‍රදේශයෙන් පසු මීළඟට අපට හමුවන්නේ මාන්කර්නි, කිරිමිච්චායි හන්දියෙන් පසු හමුවන මේ ප්‍රදේශ එදා සම්පූර්ණයෙන්ම පාහේ ත්‍රස්‌තවාදීන්ගේ බලප්‍රදේශයක්‌ හැටියට තමයි තිබුණේ. මාන්කර්නියෙන් පස්‌සෙ ඔන්න අපට හමුවන්නේ පනිච්චන්කර්නි කලපුව නොහොත්, පනිච්චන්කර්නි වේලිමග. කලපුව හරහා පටු වේලිමගට සම්බන්ධව කුඩා පාලම් දෙකකුත් පිහිටා තිබෙනවා. එදා සුනාමි ෙදවාචකය සිදුවූ අවස්‌ථාවේදී මේ පාලම් විනාශ වුණා. ඉන්පසු එහි ඉදිවුණේ තාවකාලික යකඩ පාලම්. එහෙත් නැගෙනහිර මුදාගැනීමේ රජයේ භට පිරිස්‌ වාකරේ බලා ගමන් ගනිද්දී ත්‍රස්‌තවාදීන් විසින් මෙම පාලම පුපුරුවා හරිනු ලැබුවා.
මේ පුළුල් කලපුව හරිම නිසංසලයි. කාලයක්‌ තිස්‌සේ වෙඩිහඬට, අවි බලයට යටත්ව තිබුණ හින්ද මෙහි වැඩි ජනාකීර්ණ බවකුත් දකින්නට නැහැ. බැලූ අත පෙනෙන කලපු පරිසරයත් ඒ වටා පිහිටි දැඩි වනගහනයත් අපේ රටේ සෞන්දර්යය අගය මැනවින් ලොවට හඬගා කියන තැනක්‌. අතරින් පතර, කලපුව තුළ සාම්ප්‍රදායික ක්‍රමයට ඔරු, පාරුවල හිඳ මසුන් මරණ ධීවරයන් හැරුණු විට දකින්නට ඇත්තේ පනිච්චන්කර්නි මුරපළේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් විතරයි. 

සල්ලතිව්

වාකරේ -සල්ලතිව් මුහුදු වෙරළ අතිශය රමණීය, සංචාරක නෙත පිනවන ආකර්ෂණීය මුහුදු කලාපයක්‌. එය පිහිටා ඇත්තේ පනිච්චන්කර්නි කලපුව ආසන්නයෙන් මුහුද දෙසට ගිය විට.
පනිච්චන්කර්නියෙන් හැරී මඳ වේලාවකින් වැලි පොළව මැදින් ඇවිත් නතර වුණේ ධීවර වාඩි කිහපයක්‌ ළඟ.
සල්ලතිව් කියන්නෙ හැබෑවටම අතිශය සුන්දර වෙරළ තීරයක්‌. මෙය පාසිකුඩාවලටත් වඩා ලස්‌සනයි. අපි සල්ලතිව්වල ආකර්ෂණීය බවෙන් අපි මත් වුණා. එක්‌ පැත්තකින් මෙහි ගල්පරයක්‌ සහිත අලංකාර දූපතක්‌ පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශයේ මුහුද නොගැඹුරු හින්ද තරමක්‌ දුරට ඇවිද ගෙන වුවත් යා හැකියි. හරියට පාසිකුඩා වගේ.

දූපත වටාත් සංචාරය කළා. ධීවරයන් සමඟත් මුහු වෙන්න අපට මේක කදිම අවස්‌ථාවක්‌ වුණා. එදා කොටි බලකොටුවක්‌ව පැවැති සල්ලතිව් අද නිදහසේ අරුණලු දහරින් පිබිදෙනවා. නැගෙනහිර අසිරිය සොයා ඇදෙන සංචාරකයන් හෙට සල්ලතිව් බලාත් ඇදේවි. එහෙත්, එසේ එන සංචාරක ඔබට අප විශේෂ සිහිපත් කිරීමකුත් කළ යුතුමයි. ඒ, අනෙකුත් වෙරළ තීරයන් මෙන් සල්ලතිව් රූමතිය නම් පොලිතින්, ප්ලාස්‌ටික්‌, කෑම කොළවලින් හිස්‌ වතුර බෝතල්වලින් වනසන්න එපා කියන එක. සල්ලතිව් ගැන අද අපි කියන්නෙ ඔබගේ දැන ගැනීමට වුවත්, මේ සුන්දර වෙරළේ පරිසරය විනාශ වුවහොත් එහි වගකීමෙන් කොටසක්‌ අපටත් බැරවන නිසා කරුණාකර මේ සුන්දර කන්‍යාවිය දූෂණය කිරීමෙන් වළකින්න.
දැන් ඉතින් පින්තූර ටිකක් බලලම මම කියපුව ඇත්තද කියල දැනකියා ගන්නකො....ෆෝන් එකෙන් ගත්ත පින්තූර නිසා පොඩ්ඩක් විතර උප්සෙට් ඇති..ගණන් ගන්න එපා...
























2 comments:

  1. ඇත්තටම ලස්සන බලන්න යන්න අසාහිතෙන තැනක් .. හොද සටහනක් ..
    photos ටික තව ටිකක් ලොකු වුනානම් හොදයි නේද ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි... මම නොදන්නා කෙනෙක්ගෙන් ලද පළමු comment එක. .. photo ඊළඟට ලොකුවට දාන්නම්. මගේ අනිත් සටහනුත් බලලා වැරදි අඩුපාඩු පහදලා දෙනවනම් පිං... යාලුවොන්ටත් බලන්න කියන්න....

      Delete