Monday, October 27, 2014

ගාල්ල - ගාලු කොටුවේ කුරුස පල්ලිය


ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානය


ඕලන්ද ජාතිකයන් විසින් මෙරට සිය පාලනයට නතුකරගෙන සිටි කාලයේa දී කැස්‌පර්ස්‌ඩි ජෝන් ගාල්ලේ ඕලන්ද ආණදෙන නිලධාරිවරයෙක්‌ව සිටියේය. හේ ඕලන්දයේ ඇමස්‌ටර්ඩෑම් නගරයේ වැසියෙකි. ඔහු මෙරටට පැමිණීමට පෙර ඉන්දියාවේ මල්බාර් වෙරළේ කමාන්ඩර්වරයා වශයෙන්ද කටයුතු කළේය. කැස්‌පර්ස්‌ ඩි ජෝන්ට තම සහකාරිය හමුවන්නේද ඉන්දියාවේදීය. ඇය ඇද්රියානා ලේ ග්‍රැන්ඩ් නම් වූවාය. හේ අඩ්රියානා සමග යුගදිවියට පිවිසෙන්නේද ඉන්දියාවේදීය.

ටික කලක්‌ ඉන්දියාවේ ගතකළ කැස්‌පර්ස්‌ හා ඇඩ්්‍රයානා යුවළ මෙරටට පැමිණියහ. ඉක්‌බිති කැස්‌පර්ස්‌ ඩි ජෝන් ගාල්ලේ ඕලන්ද අණදෙන නිලධාරි තනතුරේ වැඩ හාරගන්නේය. ටික කලක්‌ ගියද මේ යුවළට දරු සුරතල් බැලීමේ වාසනාව හිමිනොවිණි. එවකට ගාලු කොටුවේ පිහිටි උසම ස්‌ථානයේ පෘතුගීසි තාපසාරාමයක්‌ විය. කැස්‌පර්ස්‌ හා ඇඩි්‍රයානා යුවළ මෙම ස්‌ථානයට පැමිණ භාරයක්‌ වූහ. ඉන් කියෑවුණේ තමන්ට දරුවකු ලැබුණහොත් මෙම ස්‌ථානයේ දෙවියන්වහන්සේ වෙනුවෙන් කරන ස්‌තුති පූජාවක්‌ වශයෙන් දේවස්‌ථානයක්‌ ඉදිකරන්නය.

මොවුන් දෙපළ දිගු කලක්‌ අපේක්‍ෂාවෙන් සිට ඒ පැතුම ඉටුවිය. කැස්‌පර්ස්‌ හා ඇඩි්‍රයානා යුවළට දියණියක්‌ ලැබිණි. කලින් වූ භාරය ඉෂ්ට කිරීමට කැස්‌පර්ස්‌ අණදෙන නිලධාරිවරයා කටයුතූ කළේය. දියණියක ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් හේ දෙවියන්ට ස්‌තූති කරනු වස්‌ එම ස්‌ථානයේ ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයක්‌ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. ඒ ක්‍රි.ව. 1752 ජුලි 04 වැනිදාය.


මෙකී දේවස්‌ථානයේ සැලසුම්කරුවා මෙන්ම ඉදිකිරීම් කටයුතු හාරව ක්‍රියාකළ අධිකාරිවරයා වූයේ ඒබ්‍රහම් අන්තෝනිස්‌ය. හේ එවකට ගාලු වරායේ නැව් කර්මාන්තයේ යෙදී සිටි වඩුවන්ගේ හා ගොඩනැඟිලි නිර්මාණකරුවන්ගේ අධිකාරිවරයා වශයෙන් කටයුතු කළේය. ඕලන්දයේ ඇමස්‌ටර්ඩෑම්හි නගරවැසියකු වූ ඒබ්‍රහම් මෙම තනතුරට අමතරව යුද හමුදාවේ ලෙප්ටිනන්ට්‌වරයෙක්‌ ද විය. දේවස්‌ථානය ඉදිකිරීම ස`දහා සියලු වියහියදම් දරනු ලැබුවේ අණදෙන නිලධාරි කැස්‌පර්ස්‌ය. දේවස්‌ථානය ඉදිකිරීමේ කටයුතූ 1754 දී අවසන් කරනු ලැබීය. කැස්‌පර්ස්‌ දේවස්‌ථානය ඉදිකළා පමණක්‌ නොව තම දියණිය ද 1755 අගෝස්‌තූ මස 24 වැනිදා මෙකී දේවස්‌ථානයේදී බෞතිස්‌ම කරනු ලැබුවේය. ඒ බව සිහිගන්වමින් කැස්‌පර්ස්‌ගේ දියණියගේ ඇ`දුමක්‌ අදටත් මෙම දේවස්‌ථානයේ සුරක්‍ෂිතව තබා ඇත. 


මීට වසර 261 කට පමණ ඉහතදී ගාලු කොටුවේ ඉදිකළ මෙකී රෙපරමාදු දේවස්‌ථානය ඓතිහාසික ස්‌ථානයකි. එය දැනට ලංකාවේ ඇති පැරණිතම ප්‍රොතෙස්‌තන්ත සහාව වන්නේය. මෙය අද හ`දුන්වන්නේ කුරුස පල්ලිය වශයෙනි. මක්‌නිසාද යත් දේවස්‌ථානය ඉදිකර ඇත්තේ කුරුසයක හැඩය පොළවේ සිටින පරිද්දෙනි.
මෙම දේවස්‌ථානයේ දක්‌නට ලැබෙන ඵෙතිහාසික ස්‌මාරක අතරින් දේශක ආසනය හා ඕර්ගනයත් ඒ සඳහා වූ ඕර්ගන් ලෝµaට්‌ එකත් අතිශය වැදගත් කමකින් යුක්‌තය. මෙම ඕර්ගනය දැනට මේ රට ඇති පැරණිතම ඕර්ගනය වන්නේය. 

එකල මෙම ඕර්ගනය ක්‍රියාත්මක කරවා ඇත්තේ පෘතුගීසි මෙහෙකරුවන් ලවා සුළං බැදීමෙන් එහි ශක්‌තිය ජනනය කිරීමෙන් බව පැවසේ. මෙම ඕර්ගනය අවසන් වරට භාවිත කර ඇත්තේ පීටර් ස්‌කොල්ස්‌ නම් වාදකයෙකි. ඒ විතරක්‌ නොව මෙම දේවස්‌ථානයේ පුද පූජා පැවැත්වීමට එන බැතිමතූන් වෙනුවෙන් මෙහි ආසන 188 ක්‌ පැනවිය හැකිය. පුදපූජා පවත්වන ඉරිදා දිනවලදී එම ආසන දේaවස්‌ථානයට රැගෙන විත් ඇත්තේ වහලුන් විසින්ය.
එමෙන්ම දේවස්‌ථානයේ ඇතුළත මෙන්ම පිටත ද දක්‌නට ඇත්තේ සුසාන පුවරුය. දේවස්‌ථානයට ගොඩවැදෙන විටම දක්‌නට ඇත්තේ එක්‌ විශේෂ පුද්ගලයකූගේ සුසාන පුවරුවකි. ඒ වෙන කාගේවත් නොව මෙකී දේවස්‌ථානය ඉදිකිරීමේ බර කරට ගෙන කටයුතු කළ ඒබ්‍රහම් අන්තෝනිස්‌ගේය. ඒ විතරක්‌ නොව, ගලින් නිමකරන ලද මෙකී සිහිවටන පුවරු මත මිය ගිය තැනැත්තා පිළිබ`ද විස්‌තර දැක්‌වෙන ශිලාලේඛනයට අමතරව පවුලේ ලාංඡනය හා දර්ශනීය කැටයම් ද එක්‌කර තිබේ.
මෙහි ඇති සෑම සුසාන පුවරුවකම පොදුවේ එක්‌ ලාංඡනයක්‌ දක්‌නට ඇත්තේය. ඒ කාලය මනින උපකරනය හා හිස්‌ කබල් සහ ඇටකටු දෙකක සටහන්ය. සැබැවින්ම මින් කාලය හා මරණය අතර ඇති සියුම් සම්බන්ධතාව අර්ථවත් කරන්නේය.
කෙසේ වුවද මෙකී දේවස්‌ථානයේ සුසානගත කිරීමට ඉඩ ලැබුණේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළද සමාගමේ නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයටය. කොටින්ම කිවහොත් දේවස්‌ථානයේ මිහිදන් කරනු ලැබුවේ ලන්දේසි ප්‍රභූවරුන්ගේ දේහයන්ය. 

දේවස්‌ථානයේ දකුණුපස දොරටුවෙන් පිටත දොරටුවේ සිට යාර දහයක්‌ පමණ ඈතින් දක්‌නට ඇත්තේ පොළව යටට පිවිසිය හැකි උමං මාර්ග දෙකකි. මේ උමං මාර්ගවලින් පිවිසිය හැක්‌කේ මළවුන්ගේ ලෝකයටය. උමං මාර්ග දෙකම ගේට්‌ටු හා ඉබි යතුරු දමා වසා තිබේ. එක්‌ උමං මාර්ගයක්‌ තිබිලා තියෙන්නේ අණදෙන නිලධාරි කැස්‌පර්ස්‌ගේ බංගලාවට යන්න. අනික්‌ උමං මාර්ගය මුහුද දෙසට යන්න තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම දේවස්‌ථාන භූමියේ පොළවයට කුඩා කුටි තුළ මළ සිරුරු තැන්පත්කොට තියෙනවා





දේවස්‌ථාන භූමියේ පොළවයට ඇති කුහර තුළ මළ සිරුරු 59 ක්‌ තැන්පත් කොට ඇති බව පැවසේ. මේ සොහොන පිළිබද විවිධ වූ මතයන් පවතී. ඒ කොයිහැටි වෙතත් දේවස්‌ථාන භූමියේ පොළවේ අතුරා ඇති සිහිවටන පුවරු රාශියේම මියගිය පුද්ගලයාගේ අවමඟුල් දැන්වීම සටහන් කොට ඇත්තේය. එමෙන්ම දේවස්‌ථානය ඇතුළත සිහිවටන පුවරුවක්‌ තැන්පත් කිරීමට බොහෝවිට අවස්‌ථාව ලැබුණේ උසස්‌ නිලධාරීන්ටය. අනික්‌ අයගේ තරාතිරම අනුව ඉන් බැහැර ස්‌ථාන ලැබුණි. මෙම පුවරු දේවස්‌ථානය ඇතුළත අතුරන ලද්දේ 1853 වසරේදීය.

දේවස්‌ථානයේ අභ්‍යන්තරයේත් එහි අවට භූමියේත් සුසානගත කිරීමේ දී අනුගමනය කළ මුදල් අයකිරීමේ ක්‍රමයක්‌ පැවති බව සඳහන් වේ. මෙහිදී අභ්‍යන්තර භූමියේ සුසාන ගත කිරීම් කටයුතු සඳහා විශාල මුදලක්‌ අය කර ඇත. දෙවනුව විශාල මුදලක්‌ අය කරනු ලැබ ඇත්තේ දේවස්‌ථානය ආසන්න භූමියේ සුසානගත කිරීමටය. දේවස්‌ථාන භූමියට ආසන්න ප්‍රදේශයේ භූමදාන කටයුතු කිරීම සඳහා සහනදායි මුදලක්‌ අයකළ බව පැවසේ.

මෙම සුසාන ගත කිරීම් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහාත් සංරක්‍ෂණ අවශ්‍යතා සඳහාත් කරුණු අනාවරණය කරගැනීම සඳහා 1925 වර්ෂයේ දී පමණ මින් එක්‌ සුසාන පුවරුවක්‌ විවෘත කරනු ලැබූ බැව් එම වසරේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වේ. මෙම සුසානය අයත් වූයේ 1863 පෙබරවාරි මස 23 වැනිදා මිහිදන් කරන ලද දිස්‌ත්‍රික්‌ නඩුකාරවරයා වූ සී. පී. වෝකර් මහතාගේ ආර්යාව හටය. මෙහිදී සුසාන පුවරුවට යටින් මුහුදු වැලි ස්‌ථරයක්‌ යොදා දැවයෙන් සාදන ලද දෙණ සහිත පෙට්‌ටිය ආවරණය කර ඇත. මෙම පෙට්‌ටිය තුළට වෙල්වට්‌ රෙදි අතුරා මියගිය තැනැත්තාගේ සිරුර මිහිදන් කරනු ලැබ ඇත. මෙසේ දේවස්‌ථානය තුළ මිහිදන් කිරීමේ කටයුතු සඳහා කුඩා කුටි තිබී ඇති අතර එම කුටි සඳහා ගමන් කිරීමට දේවස්‌ථානයට පිටතින් සාදා ඇති උමග උපයෝගි කරගනු ලැබ තිබේ.

එමෙන්ම දේවස්‌ථානයේ සුසාන පුවරුවල සඳහන් තොරතුරු අනුව මියගිය තැනැත්තාගේ නම, වයස, පවුලේ තොරතුරු, කරන ලද රැකියාව සහ මිය යැමට හේතුව ද සඳහන් කර තිබේ. එසේම ඇතැම් විට ඔවුන්ගේ මුල් ගම් ප්‍රදේශය ද දක්‌වා ඇත. මෙයට අමතරව සතුන් සමග පැවති සබැඳියාව, ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ, වෘක්‍ෂලතා කෙරෙහි වූ ඇල්ම සහ දෙවියන් පිළිබඳ විශ්වාසයන් ද මරණින් මතු ජීවිතය පිළිබඳ අපේක්‍ෂා ද මෙම පුවරුවලින් අධ්‍යයනය කළ හැකිය.
මෙම දේවස්‌ථානය පිළිබද නිරතුරුවම තොරතූරු ගවේෂණය කරන නිලධාරිනියක්‌ වන පුරාවිද්‍යා පර්යේෂණ සහකාර එච්.එල්. තරංගා කුමාරි දේවස්‌ථානය පිළිබද තොරතුරු රැසක්‌ කීවාය.

"
ඕලන්ද ප්‍රභූවරුන්ගේ සුසාන පුවරුවලට අමතරව සිංහල මුදලිකෙනෙකූගේ සුසාන පුවරුවක්‌ මෙහි තියෙනවා. කොස්‌තා කෙනෙක්‌ ගැන තමයි එහි ස`දහන් වෙන්නේ. ඒ විතරක්‌ නෙවෙයි, දෙමළ අක්‍ෂරයක්‌ සහිත සුසාන පුවරුවක්‌ ද තියෙනවා. මිය ගිය වැඩිදෙනකූගේ සුසාන පුවරුවල ස`දහන්ඩ වන ආකාරයට අවුරුදු හතළිහට අඩු අයගේ සුසාන පුවරු තමයි වැඩි වශයෙන් තියෙන්නේ"
"ඒ කාලයේ කොළරාව අතීසාරය වැනි රෝගවලින් විශාල පිරිසක්‌ මිය ගිහින් තියෙනවා. එදා ගාල්ල මළවුන්ගේ නගරයක්‌ හැටියට තමයි `දුන්වලා තියෙන්නේ. සුසාන හ=මිවල ඉඩ මදි නිසා මළ සිරුරු සහිත පෙට්‌ටි මිහිදන් කරලා තියෙන්නේ පිරමිඩ ආකාරයට" තරංගා කුමාරි `දහන් කරන්නීය.
මෙම දේවස්‌ථානයේ ඇති පැරණිතම සුසාන පුවරුව අයත් වනුයේ බර්චාට්‌ කොක්‌ටය. හේ ඕලන්ද වෙළඳ සමාගමෙහි සේවයෙA නියුතුව සිටි ජර්මන් ජාතික කපිතාන්වරයෙකි.. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ හුයිස්‌ ටේ ස්‌වෙයිටන් නැමැති නෞකාවෙනි. තෙවසරකට පසු ඔහු ගාල්ලේ දී හමුදා භටයකු විසින් ඝාතනය කරනු ලැබීය.
 
මෙකී ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයෙහි දක්‌නට ලැබෙන සුසාන පුවරු අතරින් ඒබ්‍රහම් සැම්ලාන්ට්‌ නම් නිලධාරියාගේ සුසාන පුවරුව වඩාත් අවධානයට ලක්‌වන්නක්‌ බැව් සඳහන් කළ හැකිය. ඕලන්ද නිලධාරියකු වූ මොහු පිළිබඳව ලිත සාධක රාශියක්‌ අනාවරණය වේ. එමෙන්ම එබ්‍රහම් පිළිබඳව ඔහුගේ සහෘදයන් අතරේ වූ හැඟීම කෙබඳු ද යන්න අලංකාර සුසාන පුවරුවක්‌ ඉදිකිරීමෙන් නොනැවතී ඔහු වෙනුවෙන් ස්‌මරණ පුවරුවක්‌ ද ඉදිකිරීමෙන් පෙනීයයි.

මෙම සුසාන පුවරුවෙහි අනෙකුත් සුසාන පුවරුවල මෙන් පවුල් සංකේතයක්‌ යොදා නොතිබීම විශේෂ ලක්‍ෂණයකි. ඔහුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් විස්‌තරය ඕලන්ද බසින් දක්‌වා තිබේ.

එමෙන්ම ගෙරාඩ් පීටර් හල්µaට්‌ නම් ගාල්ල ඕලන්ද බලකොටුවේ ප්‍රධානියකුගේ සුසාන පුවරුව සහ භෂ්මාවශේෂ මෙම දේවස්‌ථානයේ සිට රැගෙන ගොස්‌ වුල්ෙµන්ඩෝල් දේවස්‌ථානය ඉදිකිරීමෙන් අනතුරුව එහි මිහිදන් කළ බවට මූලාශ්‍ර පවතී. එමෙන්ම ගාල්ල පැරණි ඕලන්ද කැරකොප්පුවේ තිබී මෙහි රැගෙන එන ලද සුසාන පුවරු සඳහා නිදසුනක්‌ ලෙස ඇඩි්‍රයන් කොරනේලියස්‌ ලෙවර්ගේ සුසාන පුවරුව දැක්‌විය හැකිය. එය දේවස්‌ථානයේ උද්‍යානය කෙළවරක තැම්පත් කරනු ලැබ තිබේ. ඔහු ගාල්ල ඕලන්ද හමුදාවේ මේජර්වරයෙකු ලෙස සේවය කරනු ලැබීය..     

No comments:

Post a Comment