Thursday, August 21, 2014

මඩකලපුවට චාරිකාවක් - 1

සැඟවුණු වැව් තාවුල්ල.....උන්නිච්ච 

අපි හැමෝම වගේ යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර චාරිකා යන්න පටන් ගත්ත. ඒ කොහොම උනත් අපි පුරුදු වෙලා ඉන්නේ හැමදාම යන එන හැම දෙනාම දන්නා කියන තැන වලට  යන්න තමයි. මඩකලපු ගියොත් අපි යන්නේ පාසිකුඩා, කල්කුඩා, light house, කල්ලඩි පාලම වගේ තැන වලට තමයි. මගේ මෙවර ගමනේදී ගියේ නොදන්නා ඒත් ලස්සන සමගම වටිනාකමකුත් තියෙන තැන කීපයකට. එකින් එක වෙලාව ලැබෙන විදියට හැමෝටම බලාගන්නත් එක්ක පොස්ටුවක් දාන්නම්. 

පළමුවෙනි සංචාරක ආකර්ෂණය උනේ උන්නිච්ච වැව. මෙන්න මේ වැවේ දියවරින් තමයි මුළු මඩකලපු දිස්ත්‍රික්කයටම පානීය ජල අවශ්‍යතාවය සපිරෙන්නේ. ඒ වගේම කුඹුරු ගොවිතැනටත් නොඅඩුව ලැබෙනවා. ඒ වග නම් යන මග දිගට පැතිරුණු නිල්වන් කෙත්වතු යායෙන්ම ඔප්පු වෙනවා.

යන්න පාරවල් දෙකක් තියෙනවා. මඩකලපුවේ ඉඳන් යන කෙනෙකුටනම් යන්න ලේසිම මාර්ගය තමයි වවුනතිවු හරහා යන එක. මේ පාරට යන්න  තියෙන්නේ මඩකලපු ගුවන් තොටුපොල  හරහා. හරිම ලස්සන බිම් තීරුවක් හරහා තමයි රිය පදවන්න තියෙන්නේ. මග දෙපසටම කලපුව. ඊටත් පස්සේ නිල්ල පිරුණු කෙත්වතු. ඊළඟට යෝධ කුඹුක් ගස් යායක්. අන්තිම ටික ඝන වනන්තරේ.  අනිත් පාර වැටිලා තියෙන්නේ A5 හරහා. චෙන්නකල්ඩි මහඔය පාරෙන් ඇවිල්ල කරදියනාරු හන්දියෙන් වමට ඇතුල් වෙලා මාර්ගය ඉවර වෙන්නේ උන්නිච්ච ජලාශයෙන්. පහල මාර්ග සිතියමෙන් හැමෝටම හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි.

යායුතු මාර්ග සටහන

1919 දි මකිලවෙට්ටුවාන් කියන වැව හරස් කරලා තමා මේ යෝධ වාරි විශ්ව කර්මය කරලා තියෙන්නේ. අක්කර 61000 තරම් සුවිසල් මේ ජලශේ වැව් බැම්ම 1950 ගණන් වල ආපු සුළිසුළඟට අහුවෙලා කැඩිලා ගිහිල්ලත් තියෙනවලු. 

මටනම් මේ ගැන හොයාගන්න පුළුවන් උනේ එච්චරයි. තව දන්නා කෙනෙක් හිටියොත් මාවත් දැනුවත් කරන්න. පින්තූරනම් තියෙන්නේ ටිකයි. බැටරි බැස්ස නොවැ වෙලාවටම. යන එන ගමන් visit එකක් දාන්න වටිනවා කියල හිතුනොත් කොහොමහරි යන්න. නාන්න කියන්න කියාපු තැන ඕන්.









No comments:

Post a Comment