Thursday, January 4, 2018

චන්ද්‍රකාන්තයෙන් සුසැඳි රමණීය බුදුරුවයාය....



චන්ද්‍රකාන්තයෙන් සුසැඳි රමණීය බුදුරුවයාය....


පොලොන්නරුව මයියංගනය පුජනිය ස්ථාන වැද පුදාගැනීමට යන වන්දනාකරුවන්ගේ ඇසට ඈසනොගැටෙන පුජනීය ස්ථානයක් බකමුණ නගරයට ආසන්න බුදුරුව යාය නමැති ගම්මානයේ පිහිටා ඇත. ඒ ඓතිහාසික බුදුරුව යාය සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි.
සුන්දර පරිසරයක මෙම බුදුරුවයාය විහාරය එදා පැරකුම් මහ නිරිදුන් නිමාකළ බවට පුරාවෘත්තයේ සදහන් වේ. 


මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් බුදුරුවයාය විහාරස්ථානයට ලඟා විය හැකි පාර ඉතා හොඳ තත්ත්වයක පවතී. දඹුල්ලෙන්, අති රමණීය කන්ඩලම පාර ඔස්සේ බකමූණ දක්වා පැමිණ පල්ලේගම, හෙට්ටිපොල පාරේ කි.මි. 6ක් පමණ ගිය තැන කුඹුරක් මැද වම්පසට වූ කුඩා පාරක හැරී පුංචි දුරක් ගිය තැන මෙම විහාරය පිහිටා ඇත. ඊට අදාල නාම පුවරු පාරේම සවි කර තිබෙන නිසා හඳුනාගැනීම පහසුය. නමුත් මෙම මාර්ගයන් අලුතින්ම ඉදි කල ඒවා නිසාවෙන් බොහෝ සිතියම්වල දක්නට නොලැබීම කණගාටුවට කරුණකි. දඹුල්ල – පල්ලේගම මාර්ගය ඉතාමත්ම දැකුම්කළු දසුන්වලින් පිරි මනාව නිමැවූ හොඳ තත්ත්වයේ පාරකි. එහෙයින් ඔබ බුදුරුවයාය මෙන්ම බුදුරුවයායට යන ගමනත් රසවිඳිනු නිසැකය.




එම ස්ථානය සැබැවින්ම සුන්දරය, රක්ෂිත වන අරණක් තුල පහිටුවා ඇත. චාන්ද්‍රකාන්ත පාෂාණයේන් නිමවා අැති අඩි 25 ක් පමණ දිගැති සැතපෙන පිළිමයකි ..





මෙය පොලොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයට සමාන පොලොන්නරුව රජකළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදිකළ පිළිමයක් බවට බුදුරුවයාය විහාරාධිපති පොල්වතත්කන්දේ සද්ධානන් ද හිමි අප සමග පැවසුහ. මෙම සැතපෙන පිළිමය පමණක් නොව එහි අවට ප්‍රදේශය පුරාම විසිරි ඇත්තේ පරණ නටබුන්ය පිළිමය ගල්කණු සදකඩ පහන පැරණි චෛත්‍ය ගල් පුවරු දක්නට ලැබේ.





පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයක් බවට විශ්වාසකරන ස්ථානයක නටබුන් දක්නට ලැබෙන්නේ මෙම සැතපෙන පිළිමයට කිලෝමීටර් හයක් පමණ මහා වනාන්තරයක් තුළ බව ප්‍රදේශවාසීහු සදහන් කරති. මෙම ස්ථානය වටවී ඇත්තේ අඹන් ගඟෙන් හා වස්ගමුව ජාතික වන උද්‍යාන යෙනි. මේ නිසා මෙම ස්ථානය හුදකලාවී ඇත 


මෙම පිළිමය ඉදිකළ අවදී යේ ඒ වටා තවත් ආරාම පහක් ඉදිකළා කියලා සදහන් වෙනවා. ඒ ස්ථානයේ අංගසම්පුර්ණ සංඝාවාසයක් තිබුබවට තිබෙන නටබුන්වලින් සනාථජ වෙනවා. පොලොන්නරුව රජධානියේ පරිහානියක් එක්ක මෙම ස්ථානය වල්බිහිවෙලා යන්නඇත. බුදුරුවයාය විහාරස්ථානය සොයා ගෙන එළිපෙහෙළි කොට තිබෙන්නේ අපවත්වී වදාළ දිඹූලාගල ලොකුහාමුදුරුවෝය.  උන්වහන්සේ වසර12ක් විතර මේ ස්ථානයේ වැඩවසය කොට තිබේ. 




.

 




No comments:

Post a Comment