Tuesday, May 3, 2016

යක්ෂයාගේ පඩිපෙළ මතින් සුන්දර ඔහියට ගියෙමි.....

දිනය    : 01-05-2016
මාර්ගය :කොට්ටාව -->හොරණ --> රත්නපුර--> බලන්ගොඩ--> කළුපහන--> බඹරකන්ද--> ඔහිය බොරලන්ද--> හපුතලේ--රත්නපුර--> කොට්ටාව

බඹරකන්ද හරහා උඩවේරිය වතුයාය හරහා වැටී ඇති මෙම සුන්දර කඳුකර මාර්ගය දැඩි බෑවුම් සමග වැලමිටි වංගු සහිතවුත් දුෂ්කර මාර්ගයකි. මෙම ගමන්මග ආපදාවකින් තොරව ගමන් කිරීම සඳහා අති විශ්වාසදායි රියදුරෙකුගේ අත්දැකීම් ඉතා වැදගත් වනු ඇත. 

කළුපහන යනු ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද පිහිටි භූමියයි. කළුපහන හන්දියේ සිට කි. මී. 6 ක්‌ පමණ ආපසු මීටර් 263 ක්‌ පමණ උසැති මහා දියඇල්ල හමුවන අතර එතැන් සිට එම පටු හා දුෂ්කර මාර්ගය උඩවේරිය නම් දුෂ්කර ගම්මානයක්‌ හා අතිශය දුෂ්කර හා අමාරුම මාර්ගය ඔස්‌සේ හෝර්ටන් තැන්න පිවිසුම අසලට වැටී ඇත. යක්‍ෂයාගේ පඩිපෙළ (Devils Staircase) ලෙස හඳුන්වන මෙම මාර්ගය කි. මී. 20 ක්‌ පමණ වේ. සීග්‍ර කඳු නැඟීම් හා බැසීම් සමඟ බොහෝ කඳු යායවල් අතරින් වැටී තිබෙන මෙම මාර්ගයේ එක්‌වරක්‌ හෝ ගමන් කිරීම සංචාරකයකු ලබන වාසනාවක්‌ බඳුය. ඒ මන්දයත් වචනයෙන් කියා නිමකළ නොහැකි නෙත් අදහාගත නොහැකි අතිශය සුන්දර පරිසරයක්‌ මෙහි පිහිටි හෙයිනි. සාමාන්‍යයෙන් සංචාරක ජීප් රථ, ලොරි, බයිසිකල් හැරුණු විට වෙනත් වාහනවලට මෙම මාර්ගයේ යැම කළ නොහැකි සේම අනතුරුදායක ක්‍රියාවකි. මන්ද ස්‌වාභාවිකවම ගල්, බොරළු, ගල් වැටි පිහිටි මෙම මාර්ගයේ ඇතැම් ස්‌ථානවල උල් ගල් පතුරු හා දැවැන්ත මඩ වළවල් පිහිටා ඇත.

"මාර්ගයේ මතුපිට තත්වයද යහපත් නොවන අතර තියුණු ගල් පතුරු ඔබේ ටයර මත සිය අණසක පැතිරවීම සදහා පෙළගැසී හිඳී. එනිසා ජව සම්පන්න සේම විශ්වාසනීයවූ රළු වාහනයක් අත්‍යවශ්‍ය වේ. මාර්ග සිතියමක්ද ඇත්නම් එයද උදව්වක් වනු ඇත්තේ මිනිස් පුළුටක් දැකීමද අහම්බයක් වන හෙයිනි. නොයිදුල් රමණීය පරිසරයක් වන මෙම භූමියෙදී කරුණාකර ඔබගේ පා සටහන් පමණක් ඉතිරි කර පැමිණීමටත් ගෙනයන සියලුම දෑ නැවත රැගෙන ඒමටත් මතක තබා ගන්න. "


 

ඔබගේ පා සටහන් පමණක් ඉතිරි කරපැමිණෙන්න


මැයි පළවෙනිදා කියන්නේ අපේ රටේ (සම)හරක්  බත් පාර්සලේට බෝතලේට ට්‍රිප් යන දවසක්. එත් අපි පස් දෙනෙක් ට්‍රිප් එකක් ගියා පරිසරය විඳින්න. පරිසරයට ආදරේ කරන හැටි ඉගෙන ගන්න. අත්දැකීම් ලබාගන්න. යකාගේ පඩිපෙළ කිව්වම හිතට මොකක්දෝ අමුතුම එකක් එනවා. ඇත්තටම ගිහිල්ල ඉවරවුනහමත් ඒක එහෙම්මම ටික කලක් තියෙනවා. 

අපි කලින් දවසේ නැවතිලා හිටියේ බඹරකන්ද රෙසෝට් එකේ. පුදුමාකාර ලස්සන හිතෛෂී තැනක්. සේරා ඇන්ටි ( බඹරකන්ද රෙසෝට් එකේ හිමි කාරිනිය) අපිට යන්න කලින් දුන්න මාර්ගොපදෙෂත් හිතේ රඳවාගෙන නමොවිත්තියෙන්ම අපි උදේ 8.00 වෙනකොට ගමන පිටත් උනා. 


ඈත තියෙන්නේ අපේ නවාතැන

සේරා ඇන්ටිගේ නවාතැන්පොලේ මිදුලට ලංකාවේ උසම දිය ඇල්ල වෙච්ච බඹරකන්ද පේන්නේ මෙන්න මේ විදිහට තමයි.

බඹරකන්ද ගලා  බසී
ඈතින් පේන්න තියෙන්නේ බඹරකන්ද. අපි දැන් ඉන්නේ ඊටත් උඩින්.
බඹරකන්ද දිය ඇල්ල ළඟ ඉඳලා 1km ක් විතර පටු උනත් මාර්ගය හොඳට තියෙනවා. ඉහල පින්තූරයෙන් උනත් ඔයගොල්ලන්ට ඒ බව බලාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි පාරේ හොඳම හරිය තියෙන්නේ.

පටු කඳුකර මාර්ගයේ දවසේ වීරයා ඉදිරියට ඇදෙමින්..
අපි දැන් බඹරකන්දටත් උඩින්...

v- cut එක
අපිට ඊට පස්සේ හම්බ උනේ water car එක. ඒ පුංචි දිය පාර තමයි ලංකාවේ උසම දියඇල්ල නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ අපේ සද්දන්තයා ( ජීප් රථය ) බඹරකන්ද උඩිනුත් ගියා. 


water car එක
අපේ සද්දන්තයා ( ජීප් රථය ) බඹරකන්ද උඩිනුත් ගියා. photo credit to GURU
රළු මාර්ගය තරනය කරමින් ඇදෙන සද්දන්තයා
"හනික යමන් පුල්ලි ගොනෝ" ( කවුද කියලා අහන්නෙපා?)
මේ ගමන අතරතුර අතැරලා දාපු Delica van ඕනේ තරම් දැක ගන්න පුළුවන්. පාලුවට ගිය වතු අධිකාරිවරුන්ගේ බංගලා , මල් වතු එමට තියෙනවා. හරියට ඉංග්‍රීසි හොල්මන්  චිත්තරපටිවල අපි දැකල තියෙන පාලු ගම්මානයක් වගෙයි. 


ඒ කාලේ වතු පාරවල් පෙරළන් දුවන්න ඇති නේද? දැන් නම් කොට උඩ.
"සංහිඳියාව" පන්සලයි කෝවිලයි දෙකම එක ගොඩනැගිල්ලක
"කඩුලු වැටෙන් පනින පුතා ඒ වැටවල් පනිනු ඇතී"

උඩවේරිය මැනේජර්ගේ අතරල දාපු බංගලාව.
ඔහොම්මම උඩට උඩට යනකොට අපි enterවෙනවා හපුතලේ බටහිර කලාපයට. ඒ කියන්නේ උඩවේරිය වතු යායට. ඔන්න ඔතැන ඉඳල තමයි යකාගේ පඩිපෙළ තරණය කරන්නේ. 


උඩවේරිය පිවිසුම
එක යකෙක් යකාගේ පඩිපෙළේ යමින්. 
අපි තරණය කරපු පාර පේනවා නේද ?

"අනතුරුව හමුවූ තුන්මන් හන්දිය මෙම මාර්ගයේ හමුවන ඉතා වැදගත් ස්ථානයක්. එයින් ඉහලට දිවෙන මාර්ගය හෝර්ටන් තැන්න කරා දිවෙන්නක් වන අතර වඩා දුෂ්කර මාර්ගයක් ලෙස සැලකෙනවා. අතරමගදී හමුවූ ගම්වැසියකු පැවසු පරිදි කඩාවැටී තිබු ගස් කිහිපයක් හේතුවෙන් මාර්ගය වාහන ධාවනය කල නොහැකි ලෙස අවහිර වී තිබුන බැවින්, පහලට දිවෙන මාර්ගය අපවිසින් තෝරාගනු ලැබුවා."

ගමනේ දුෂ්කර හරිය තරණය කල විගස අපිට හම්බ වෙනවා උඩවේරිය තේ කර්මාන්ත ශාලාව. දැන් නම් අතැරලා දාලයි තියෙන්නේ. සේරා ඇන්ටි කිව්වා නිසා අපි ගිය ඒක පිටිපස්ස පැත්තට. එතෙන්ට ලස්සනට මුළු දකුණම දර්ශනය වෙනවලු. එත් අපේ වෙලාවට මීදුම හෝ ගාල. පුළු පුළුවන් විදිහට ෆොටෝ ටිකක් ගහල අපි එලියට ආවා. 

මීදුම් සළු පැළඳි උඩවේරිය 

උඩවෙරියට ඔහියෙන් ඇති පිවිසුම .
උදේ 8.00 ට ගමන් ආරම්භ කරපු අපි ඔහියට එනකොට දවල් 2.00 විතර වෙලා. සතුටුදායක , ත්‍රාසය භීතිය පිරි  Adventurous ගමන අපි කිසිදු කරදරයකින් තොරව අපිව ගෙවල් වලට ගෙනාවට "සහන් සහ ලංකා" සොහොයුරන්ට හද පිරි ස්තූතිය මේ වෙලාවේ පුද කරනවා. 


සහන් සමග ලංකා