Friday, March 28, 2014

අරුම පුදුම උණු දිය බුබුල

අද මගේ මාතෘකාව වෙන්නේ උණු වතුර ළිං . ඔය කගේ කාගේත් සිතට මනසට ටග් ගාල ඇදිල එන්නේ කින්නියා උණු වතුර ළිං හරි මදුනාගල (සූරියවැව) උණු දිය ළිං හරි කියල තමා මගේ නම් අනුමානය. ලංකාවේ ඔය කවුරු කවුරුත් නොසිතන විදියේ අරුම පුදුම උණු දිය බුබුළක් ගැන විස්තරයක් තමයි කියන්න යන්නේ. ඊට කලින් අපි බලල ඉමු ලංකාවේ උණු දිය උල්පත් ගැන පොඩි ටීකාවක්. මීට වඩා දෙයක් දන්නා කෙනෙක් ඉන්නවනම් මාවත් කරුණාකරලා දැනුවත් කළොත් හොඳයි.

ලංකාවේ මම දන්නා විදිහට නම් උණු වතුර ළිං 10ක් විතර තියෙනවා.
  1. ගෝමරන්කඩවල (රන්කිහිරිය) – 42'
  2. කින්නියා (ත්‍රිකුණාමලය) – 42'
  3. නෙළුම්වැව (මනම්පිටිය) – 62'
  4. මුතුගල්වෙල (ගුරුකුඹුර)
  5. කපුරැල්ල – 55'
  6. මහඔය – 56'
  7. මරන්ගල (පදියතලාව) – 44'
  8. වහාව (අම්පාර)
  9. කිවුලෙගම – 34'
  10. මදුනාගල (සූරියවැව) – 44'

විවිධ උෂ්ණත්වයන් පෙන්නුම් කරන මේ ස්ථාන අතරෙන් මම අද පෙන්නන්න යන්නේ නෙලුම්වැව උණුදිය උල්පත. උෂ්ණත්ව අගයන් අතරෙනුත් මුල් තැන හිමිවන්නේ මෙන්න මේ උණුදිය බුබුලටම තමයි.. තවත් විශේෂත්වයක් තමයි මෙහි පිහිටීම. මෙන්න මේ අරුම පුදුම උණු දිය බුබුල පිහිටලා තියෙන්නේ නෙළුම්වැව කියන වැව මැද. පුදුමයක් නේද? ඒත් ඇත්තයි සත්තයි.

ගමන් මාර්ගය : A11 මහාමාර්ගයේ මනම්පිටිය පාලම පහුකරගෙන මඩකලපුව දිහාට යනකොට මුණගැසෙන පලවෙනි නගරය තමයි සෙවනපිටිය කියන්නේ. ඊට කලින් දැනගමු මනම්පිටි පාලම් පුරණය. මෙන්න මේ පාලම හරියේදී තමයි අඹන් ගඟ මහවැලි ගඟ සමග සම්බන්ධ වෙන්නේ.දැන්නම් මෙතන අලුතින් හදාපු පාලමක් තියෙනවා. ඉස්සර තිබුනේ ඉතා පැරණි යකඩෙන්ම හදාපු පාලමක්. මේකේ විශේෂත්වය තමයි මහා මාර්ගය හා දුම්රිය මාර්ගය යන දෙකම එකම පාලමක් මතින් දිව යෑම. මේ වගේ තව එකම එක පාලමක් තිබුනා ඔඩ්ඩමාවඩි කියන නගරයේ. එකත් තියෙන්නේ මඩකලපුවට යන පාරෙ. එතනත් දැන් අලුතෙන් පාලමක් හදල තියෙනවා.
මනම්පිටිය පාලමෙන් දිව එන යකඩ යකා

මනම්පිටිය පාලමෙන් මෝටර් රියක් ගමන් කරද්දී
නම්පිටිය පැරණි පාලමේ දිග අඩි 1502යි. පළල අඩි 15.5යි. හදල තියෙන්නේ 1924දි සුදු ජාතිකයන් විසිනුයි. පොලොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රික්ක වෙන් කෙරෙන මේ පාලම P & S LONDON සහ චිපෙන්ග් හම් කොම්පැනියේ විශිෂ්ට නිර්මාණයක්. මෙන්න මේ අලුත් පාලම හා පරණ පාලම යන දෙකම ලංකාණ්ඩුවේ අලුත් රු 50.00 කොලේ දැකගන්න පුළුවන්.
ලංකාණ්ඩුවේ අලුත් රු 50.00 කොලේ
අලුත් පාලම සමග පැරණි පාලම
මෙන්න මේ පාලම පහුකරලා සෙවනපිටිය හන්දියෙන් දකුණට කිලෝමීටර 10ක් විතර ගියාම හමුදා කඳවුරක් සමගම නෙළුම්වැව හම්බ වෙනවා. ඒ හරියෙම තියෙනවා උණු දිය බුබුල ජනසතු කල බවට වූ පුවරුව. වැව ඉවුරට වෙන්න තියෙනවා තොටියාගේ දුරකථන අංකය සහිත බෝඩ් එකක්. තොටියා ළඟ පාතක නැත්තම් call එකක් දීල ගෙන්න ගන්න වෙනවා.
උණු දිය නෑමක් අවශ්‍යනම්.....
උණුවතුර ළිං සාදා ඇත්තේ මෙවැනි ස්ථානයන් තෝරාගෙන අඩි 100 ක් ගැඹුරට කොන්ක්‍රීට් නල දමා ලිඳක් ලෙස පරිහරණය කළ හැකි ලෙස සකස් කිරීමට මහවැලි අධිකාරිය විශාල මහන්සියක් දරා තිබුණා. මෙම උණු දිය කිලෝමීටර් 2 ක් පමණ ගැඹුරේ සිට පැමිණෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. එලෙසම මෙහි ජලය තත්පරයට ලීටරයක් ජනනය වෙනවා. මෙම උණුදිය උල්පත්වලින් මතුවන ජලයේ සල්ෆර් ලවණ ඉතා ගුණ බවත් එමගින් චර්ම හා වාත රෝග නිවාරණය කිරීමට අවශ්‍ය ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිසා මෙම ළිං වලින් නෑමට බොහෝ දෙනා ප‍්‍රිය කරන බවත් දැනගන්නට ලැබුණා. ඔබ මෙහි යන්නේ නම් කුඩා දරුවන් ගැන මදක් සුපරික්ෂාවෙන් සිටින්න.
තොටුපොල වෙතට...
උණු දිය සොයා වැව මැදට....
තොටියා සහ පාරුව












නෙළුම්වැව එපිටින් පෙනෙන දිඹුලාගල පර්වතය

තොටියාගේ පිහිටෙන් උණු වතුර ළිං ගාවටම වගේ යන්න පුළුවන්, එතන තියෙනවා ලස්සනට හදාපු උණු දිය පිරි ළිං 5ක්. වම් පසින් පිහිටලා තියෙන්නේ දිඹුලාගල කඳු පන්තිය.. අනිත් පැත්තෙන් වැව් තාවුල්ල. පුදුම ලස්සන තැනක්. නාන්න එහෙම අදහසක් තියෙනවනම් බාල්දියක් ගෙනියන්න අමතක කරන්න එපා. .ඇදගෙනම නා ගන්න පුළුවන්නේ ඉතින් .
අති පිරිසිදු උණු වතුර
යුරේකා ...යුරේකා...

නෑමක් සිහිවී...
බෙහෙත් වතුර ස්නානය
හරිම සනීපයක් තමා දැනෙන්නේ....
තවත් එක ලිඳක්..
ඉපිලී නගින බුබුළු....
දැන් ඉතින් කට්ටියම කියවලා ඉවරනම් පින්තූර ටිකත් බලලම ඉන්නකෝ. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබත් මෙහි පැමිණෙන්නේ නම් සොඳුරු මතකයන් සිත තුල ධාරණය කරගෙන පින්තූරයක් දෙකක් විතරක් අරගෙන පරිසරය සුරකින ලෙස ආයාචනය කරනවා.

මෙපිටට පෙනෙන ළිං
නෙලුම් වැවේ ජීවය
තොටුපොල අයිනේ





Thursday, March 27, 2014

අලුත් ලෝකාන්තයක දොරට වැඩීම

සඳතැන්න ලෙසින් හඳුන් වනු ලබන අලුත් ලෝකාන්තය නොහොත් “සඳතැන්න පාරිසරික හා කෘෂි සංචාරක කලාපය” 2014-03-25 දිනට යෙදුනු සුබ මොහොතින් සංචාරයට ලැදි සහෘද ඔබ සැමට විවෘ උනා

ලෝකාන්තයක්  වූ සඳතැන්න

අර්තාපල් ගොවිපල හරහා වැටී ඇති මාවත
නුවරඑලිය නගරයේ ඉඳන් පැය භාගෙකින් ළඟා වෙන්න පුළුවන් මෙන්න මේ කලාපය හොයා ගත්තේ හා සංවර්ධනය කෙරුවේ නුවරඑලිය නගර සභාව සමග කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව. මෙම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි 6438ක් වෙනවා. අංශක 360ක වපසරියක් නිරීක්ෂණය කරන්න පුළුවන් විදියේ නැරඹුම් අට්ටලයකුත් හදල තියෙනවා කියලයි ආරංචිය. මෙම සංචාරක දර්ශන මධ්‍යස්ථානයට වැලිමඩ සානුව, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශ මෙන්ම පිදුරුතලාගල, හග්ගල, කිකිළියාමාන කඳු පන්තීන්ද සුන්දර ලෙස බලාගන්න පුළුවන්.

මේ අලුත් තැනට යන අයට සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපලත් බලාගන්න පුළුවන් .
සිතුවමක් වන් වැලිමඩ සානුව
හක්ගල සහ අඩක් වැසී ගිය තොටුපොල කන්ද
බෝඹුරු ඇල්ල ප්‍රදේශය
පේරවැල්ල කුඹුරු යාය
සිරි ලංකාවේ උසම මුදුන(පිදුරුතලාගල)
කඳපොල සංරක්ෂිතය
මීපිලිමාන අඩවිය
නැරඹුම් අට්ටාලය ඉදිවෙමින් පවතිද්දී
මහ එළිය තැන්න සිහිගන්වන ගොනුන්
ඡායාරූප අනුග්‍රහය "අශාන්"

Wednesday, March 19, 2014

අපි නෙලූ මල් බලන්න මහා එලිය තැන්නට ගිය හැටි......

ඔය කව්රු කව්රුත් දන්නවනේ මට තියෙන අමාරුව ගැන.... හදිස්සියේ උදේ office එකේ ඉන්නකොට ඔලුවට ආවනේ කදිම අදහසක්. සමහරුන්ටනම් මේක පිස්සු වැඩක්. එත් මොනවා කරන්ඩද අප්පා ... මේක තමා ඉතින් මගේ ලෝකය... මගේ පිස්සුවෙ හැටි...හිතුනද මාය් family එකය් නැග්ගා කාර් එකට.. ගියා ට්‍රිප් එකක්. කොහොමද පිස්සුවෙ හැටි....[ ඔව් ඔව් ඉතින් මගේ මුළු family එකටම ඔය කියාපු පිස්සුව මම බෝ කරලා තමා තියෙන්නේ.]
නෙලූ මල්

එත් මෙදා පාරනම් ටිකක් විතර වෙනස් වැඩක් තමා plan කෙරුවේ. පත්තරේ දැක්කා horton තැන්නේ "නෙලූ මල් පිපිලා" කියලා. ආ අමතක උනානේ.... horton නෙමේ මහා එලිය තැන්න. අපි මොකටද මෙච්චර ලස්සන නමක් තියෙද්දී රටම කාපු පර සුද්දෙක්ගේ නමකින් රටේ වටිනාම තැනක් හඳුන්වන්නේ. ආසා හිතුනට මොකද නෙලූ මල් බලාගන්න යාගන්න විදිහක් තමා නැත්තේ. කොල්ලෝ දෙන්නම දවස් කීපයක් තිස්සේ හොටු පෙරනවා. උන් දෙන්නව අම්මට තාත්තට දීල යන්න විදියකුත් නැහැ. ඒ දෙන්නටත් සති අන්තෙවත් නිදහසක් දෙන්න ඕනනේ. ගෙදර කියල යන්න විදියකුත් නෑ. කිව්වොත් අනිවා දෝස්මුරේ. හිතල හිතලා ටිකිරි මොලෙන් දැම්ම චූටි අදහසක් මගේ ගමන් සගයො දෙන්නට. ගමන් සගයො කිව්වට ඉතින් මුන් දෙන්නා ඉතින් මාත් එක්ක වැඩිම උනොත් ට්‍රිප් දෙකක් ගිහිල්ල ඇති. අනිත් ඔක්කොම ගමන් කටෙන් තමා. තීරණය කලේ රෑ ගිහිල්ල පහුවෙනිදට ගෙදර එන්න, රුචියගේ කාර් එකෙන්. වෙලාවේ හැටියට ඒක තමා ලාබම විදිය. 
රුචියගේ රථය
වාසනාවට සියල්ලෝ එකඟ උනා. ගෙදරටත් ඇද බෑවා තඩි නයෙක්.. සියල්ල සාර්තක ලෙස ඇරඹුණා.

මෙන්න මේක තමා ගමන.

ප්‍රවාහනය: රුචියගේ සුන්දර රථය
ගමනාරම්: රාගම [ රුචියගේ ගෙදර. උගේ කාර් එක ඉතින් අපේ ගෙවල් ගාවට ගෙන්න ගන්න බැරි නිසා]
මාර්ගය: නුවර, ගම්පොල, නුවර එලිය, නානුඔය, ඔහිය, පට්ටිපොළ, MET, නානුඔය, හැටන්,
අවිස්සාවේල්ල, කඩුවෙල, මරදාන, ..... ඊට පස්සේ ඉතින් උන් යහතින් රාගමට යන්න ඇති
කියලා හිතනවා.
නඩය: 5. මම, wife, රුචිර, ප්‍රභාත්, සුදස්සී
දිනය:
දින ගණන: එහෙමට දින ගණනක් නැත. පැය වලින් නම් 20. පටන් ගත්තේ රෑ 10.00ට ඉවර උනේ රෑ
8.00[ පහුවෙනිදා]:
නවාතැන: රුචියගේ කාර් එක

ප්‍රභාත් අයියා කියපු විදියටම පැය 1/2 ක් පරක්කු වෙලා ආවා අපි දෙන්නව ගන්න. කොහොමහරි ජෙට් engin දාල 9.30 වෙනකොට අපි රුචියගේ ගෙදර. හනේ හෆොය් අපි යන කොටත් දෙන්න දෙමහල්ලෝ [රුච්ර සහ නෝනා] අපිට කන්න බොන්න සෑහෙන්න දේවල් ලැහැස්ති කොරලා. පාන්ද අරවද මේවද ඔක්කොම දේවල්. අන්තිමට ඉතින් පාන් විතරම තමයි
 
කණ්ඩායම
කොහොමහරි රාත්‍රී 10.30 විතර වෙනකොට නමෝවිත්තියෙන් සාධුකාර දීල ගමන පටන් ගත්තා. රුචිරට රියදුරු ආසනය. ප්‍රභාත් රිය සහායක ලෙසට ඉදිරිපස සහ ඉතිරි තුන් දෙනා පිටිපස්සේ. ( කාර් එකේ හොඳේ...නැත්තන් හිතයි වෙන කොහෙවත් කියල) ලෑල්ලටම පාගල යන අතරේ 11.00ට විතර ඇහෙනවා, break bind වෙලා වගේ සද්දයක්. නිතරමත් නෙමෙයි සැරෙන් සැරේ. කාර් එකකත් වගේ නෙමෙයි , හුළං ගිය සයිකලයක වගේ. රුචිර මගේ දිහා බලනවා තුෂ්නිම්භූත වෙලා වගේ . ටිකකින් තමයි තේරුනේ, හුළං යන්නේ ප්‍රභාත් අයියාගේ කටින් කියල. මූ හොඳට ගොරවනවා. ගෙදර දම්රෝ මෙට්ටයක් දාලා, AC එකත් අංශක 18ට සෙට් කරල තව නිදි පෙති 3කුත් දීල වගේ බුදි
 
කොහොමින් කොහොමහරි අපි නුවරඑලියට එනකොට පාන්දර තුනය්. කරන්න දෙයක් නැති නිසාත් රුචිරට පොඩි නිවාඩුවක් අවැසි නිසාත් ටව්මේ වාහනේ park කරලා පාන්දර 6.00 වෙනකම් පස් දෙනාම නිදාගත්තා. හිතාගන්නකෝ අපි තිබුන පිස්සුවෙ තරම. එතනින් කෙලින්ම මහා එළිය තැන්නට. අපි යන කොටත් තව කණ්ඩායම් කීපයකුත් ඇවිල්ල හිටිය. ටිකට් එහෙම අරගෙන ගමන පටන් ගත්ත මල් බලන්න.
අපේ වැඩිහිටියා ගේ (ප්‍රභාත් අයියා) උපදෙස් පරිදි තීරණය කලා ලෝකාන්තය හරහා බේකර්ස් ඇල්ලට ගිහිල්ල තැන්නෙන් පිට වෙන්න. ගමනේ ඉතුරු හරියේ සුන්දරත්වය ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ ඉතින් මගේ චූටි කැමරාවෙන් ගත්ත පින්තූර වලින් තමයි. . ආ කියන්න බැරි උනානේ ..අපි කොළඹ එනකොට ආවේ හැටන් පාරෙන්. මාවත් මගේ ආදරණීය better half එකත් මරදානෙන්ම බැස්සුවට රුචිර මහත්මයට පින්සිද්ද වෙන්න ඕනේ

පාන්දර 7ට අඹේවෙල
 
අඹේවෙල හුළං පෙති


නූ සීලන්තය

අපේ රථාචරිය

බෝවිටියා

මොනවද මේ මල්?

better half

සුදෝ සුදු නෙලූ

රෝස නෙලූ

නෙලූ මැද මා නෙලූ මල

කව්ද නොදන්නේ!

අපි දෙන්නා දෙමහල්ලෝ

තවත් නෙලූ

මලක් මලක්

අනන්තයට යන පාර දිගේ......

වර්ණාලේපිත තුරු වියන

කවුරුද මේ නයා..

ලෝකාන්තයෙන් බලන්ගොඩ

මල් මැදින් බේකර්ස් සොයා..

නෙලූ සංදේශය

කොළ නෙලූ

Bakers falls

ලංකාවට ආවේනික මහ රත් මල්

උඩරට මැණිකේ පට්ටිපොළ පසු කරමින්

දම්රෝ මෙට්ටයක් දාලා, AC එකත් අංශක 18ට සෙට් කරල තව නිදි පෙති 3කුත් දීල වගේ බුදි